ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්රී ලාංකිකයන් 169 දෙනෙකු මාලේ සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (24) දින මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින සවස 3.07 ට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මොවුන් ගුවන් තොටුපළ තුළදී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරේ.