කැනඩාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාර සැලැස්මක් දියත්කළ සුදු ජාතික IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෙකු මරා දැමීමට එරට පොලීසිය කටයුතු කර තිබේ.
කැනඩාව තුළ ක්‍රියාත්මක වූ දැවැන්ත ප්‍රතිත්‍රස්ත මෙහෙයුමකදී මෙම ත්රස්තවාදියා මරා දැමීමට කැනඩා පොලීසිය කටයුතු කර ඇති බව ඔවුන් කියයි.
කැනේඩියානු මාධ්‍යයට අනුව සැකකරු 24 හැවිරිදි ආරොන් ඩ්‍රයිවර් ලෙස හඳුනාගෙන ඇත.
කැනේඩියානු රෝයල් පොලිස් විශේෂ බලකාය විසින් ටොරන්ටෝ නගරයට කිලෝමීටර් 225ක් පමණ බටහිරින් පිහිටි ඔන්ටාරියෝ නගරයේදී දියත් කළ ප්‍රතිත්‍රස්ත මෙහෙයුමකදී මොහු මරාදමා තිබුණි.
එරට ආරක්ෂක අංශ විශ්වාස කරන ආකාරයට මොහු IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග සබඳතා පවත්වා ඇති අතර, ඔහු එරට ප්‍රධාන නගරයක් වෙත මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවද අනාවරණය වී තිබේ.