“මම ඉන්නේ හැමදාම හැම දෙයක් ගැනම විවේචනය කරමින් ඉන්න පැත්තේ නෙමේ. ඒ වගේම හැම දේකම අඩුපාඩු හොයමින් ඉන්න පැත්තේ නෙමේ. මට ඕනේ වැඩ කරන අයයි. මම කැමති වැඩ කරන අයටයි. මන් පුරුදු වෙලා තියෙන්නෙත් වැඩක් කිරීමටයි”යැයි දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතා පසුගියදා (27දා) පැවසීය.අම්බලන්ගොඩ පොල්වත්ත ආයුර්වේද රෝහල් සංකීර්ණය විවෘත කිරීමෙන් පැවති උත්සව සභාවක් අමතා ඒ මහතා එසේ කිවේය.