නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු හා යාත්‍රා 5 ක් ඊයේ (02) සවස ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවැසීය.
මෙම අත්අඩංගුවට පත් ධීවරයින් අතරින් 10 දෙදෙනක් හා යාත්‍රා දෙකක් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදුන් බවත් ඉතිරි ධීවරයන් 15 දෙනා හා යාත්‍රා ත්‍රිත්වය කල්පිටිය පොලීසියට භාරදුන් බවත් නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.