පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දී ඇති නිදහස් තැපැල් මුද්දර පළාත් සභා අපේක්ෂකයන් සිය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගනිමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ පළාත් සභා අපේක්ෂකයින් වන වින්දන නිශාන්ත හපුතන්ත්රිගේ (එක්සත් ජාතික පක්ෂය),අරුණ ගුණරත්න සහ නිලංග හෙන්දාවිතාරණ (එක්සත් ජනතා නිදහස් සන්ධානය) යන අපේක්ෂකයන් මැතිවරණ ප්රචාරක ද්‍රව්‍ය තැපැල් මගින් යැවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් මුද්දර යොදාගෙන ඇති බව කැෆේ සංවිධානය පවසයි.