මෙවර අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 15 ක් විමධ්‍යගත මුදල් ලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ඒ පිළිබඳව සිතා හෝ අයවැයට පක්ෂව අත ඔසවන ලෙසත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27දා) මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. සිය අයවැය කතාව සිදුකරන අතරතුර මේ ඉල්ලීම සිදුකළ ඇමතිවරයා,
“අයවැයට විරුද්ධ වෙන්න එපා, අත උස්සන්න. එතකොට තමයි මන්ත්‍රීකම බේරගන්න පුළුවන්. නැත්නම් ඒකත් නැතිවෙයි” යනුවෙන්ද විපක්ෂ මන්ත්‍රීවරුන් දෙස බලමින් කියා සිටියේය.