මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 166ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (03) ගෙවුණු පැය 24 කාලය වන විට 9918ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 6021කි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2002දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1895දෙනෙකු ද වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 166කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 75ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 40ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 51ක් ලෙසිනි.
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 71ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 13ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 15 ක් ලෙසින් මෙම මරණ වාර්තා වේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්