වෙසක් උත්සව සමයේ අලෙවි කිරීම සඳහා ත්රිරෝද රථයකින් රැගෙන යමින් තිබූ මත්පැන් බෝතල් තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමග හැටන් පොලිසීය මගින් අද (13දා) අත්අඩංගුවට ගනු ලැබීය.
තේ වතු ආශ්රිතව ඉතා අධික මිලකට මෙම මත්පැන් බෝතල් නිතී විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම්ව තිබූ බව හැටන් පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් 30 ක්, සැකකරුවන් දෙදෙනා සහ අදාළ ත්රිරෝද රථය හෙට (14දා) හැටන් මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවද පොලීසිය පවසයි.