මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේදී ආහාරපාන සඳහා පමණක් මසකට රුපියල් මිලියනයකට වඩා රජයට වැයවන බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහන් කරයි.
එහි සභාපතිනි ලේෂා ද සිල්වා මහත්මිය පවසා සිටියේ මහනුවර, නිට්ටඹුව, ගාල්ල සහ කොළඹ යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතර සඳහා මෙම මුදල වැයවන බවයි.
මීට අමතරව කන්දකාඩු ප්‍ර‘දේශයේ අලුතින් ආරම්භ කළ පුනරුත්ථාපන කඳවුරේ 800 ක පිරිසක් පුනරුත්ථාපනය කරන බවද ඇය ප්‍රකාශ කළාය.