මෙම මැතිවරණ වකවානුව තුළ ද පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහ ප්‍රචාර බහුල වශයෙන් සිදුවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
එහි විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ මේ හේතුවෙන් නොමග යැවීම් රැසක් සිදුවන බවයි. මෙම නොමග යැවීම් නිසා ජාති බේද, ආගම් බේද වර්ධනය වීමේ අවධානමක් පවා ඇතිවිය හැකි බව මනාස් මකීන් මහතා සඳහන් කරයි.
වසර ගණනාවකට එපිට සිදුවූ ඇතැම් සිදුවීම් මැතිවරණ වේදිකාවල සහ ඇතැම් සමාජ මාධ්‍ය වල යළි යළි මතුකර දක්වමින් ඇතැම් අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ අගතියට පත්කීරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් එමඟින් ජනමතය විකෘති වීමේ අවධානමක් ඇතිවිය හැකි බවත් කැෆේ සංවිධානය අනතුරු අඟවයි.
මෙම තත්ත්වය මඟහරවා ගැනීමට කටයුතු කිරිම අදාළ දේශපාලන පක්ෂවල වගකීමක් බව සඳහන් කරන මනාස් මකීන් මහතා කියා සිටියේ එම දේශපාලන පක්ෂ විසින් ද ප්‍රමාණවත් පියවරක් නොගැනීම කණගාටුවට කරුණක් බවයි.
පසුගිය මැතිවරණ සමයේදී ද සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම් බහුල වශයෙන් සිදුවූ බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණය වූ බව පෙන්වා දෙන මනාස් මකීන් මහතා කියා සිටියේ මෙවර මැතිවරණ සමයේදී ද සමාජ මාධ්‍ය පිළිබඳව ක්‍රියාකාරී නිරීක්ෂණයක නිරතවන බවයි.