පෙබරවාරි මස 05 වැනිදා සිට 07 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව පෙබරවාරි 05 වන බදාදා මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇත. එදින පස්වරු 6.30 සිට රාත්‍රී 7.30 දක්වා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.
පෙබරවාරි 06 දා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.
පෙබරවාරි 07දා නැසීගිය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙක් වෙනුවෙන් ශෝකය පල කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේ ශෝකය පල කරන අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ නන්ද මැතිව්, වෛද්‍ය රන්ජිත් අතපත්තු, එම්.එස්. තේමිස් සහ ප්‍රින්ස් ගුණරාසා කාසිනාදර් යන මහත්වරුන්ය.