තම සාමාජිකයන්, ආධාරකරුවන් හා පාක්ෂිකයන් ලබාදුන් ආධාරවලින් එකතුවන මුදල් වලින් මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත්, පොදු විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ ඒ පක්ෂයන්හි පක්ෂ අරමුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගන්නා බවත් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.
මාධ්‍ය ප්‍රධානීන් හා කෝට්ටේ පැවැති හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"මගේ තියන්නේ දුප්පත් මැතිවරණ ව්‍යාපාරයක්. පොලිතීන් සැරසිලි මගේ නෑ." යැයි පැවැසීය.
එසේම ජනපතිවරයාට කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් යොදවා ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මේ අතර දෙමළ ජාතික සංධානය හා ගිවිසුමක් පවතිනවාද යනුවෙන් මාධ්‍ය ප්‍රධානීන් විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ දෙමළ ජාතික සන්ධානය සමග කිසිම ගිවිසුමක් නොමැති බවත්, එවැනි ගිවිසුමක් අත්සන්ද නොකළ බවයි.