පසුගිය අගෝස්තු මාසය වනවිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ආදායම 74% කින් ඉහළ ගොස් ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.
භූ විද්‍යා හා පතල් කාර්යාංශය මේ වසරේ ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 31 දක්වා රුපියල් මිලියන දෙදහස් විසිඅටයි දශම තුනයි තුනක ආදායමක් උපයා තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 74% ක වැඩිවීමක්.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආයතනයේ ප්‍රගතිය පිළිබද කළ විමසීමකදීයි මෙම කරුණු හෙළි වී ඇත්තේ.
වැලි, කළුගල්, පස් හා බොරළු සම්බන්ධ කැණීම් හා ප්‍රවාහන බලපත් ලබාදීම මෙම ආයතනය මගින් සිදු කෙරෙනවා. ඛනිජ සම්පත් අපනයනය සදහා බලපත් ලබාදීම මෙන්ම විවිධ බාහිර ආයතන සිදු කරන භූ සමීක්ෂණ සේවාවන් මගින් ද අදාළ ආදායම් උපයාගෙන ඇති බවයි පරිසර අමාත්‍යාංශය පවසන්නේ.
බලපත් නිකුත්කිරිමට අමතරව වෙනත් ආදායම් මාර්ග කෙරෙහිද අවධානය යොමු කර ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා කාර්යාංශයට හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබෙනවා.