භික්ෂූන්වහන්සේලා උදෙසා දැහැත්විට පිරිනැමීමේදී පුවක්, හුණු හා දුම්කොළ බහුලව භාවිත කිරීමෙන් උන්වහන්සේලාගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බැවින්, පැරණි ලංකාවේ භාවිත කළාක් මෙන් ඖෂධ ගුණයෙන් යුතු කුළුබඩු වර්ග යොදා සකස් කළ සෞඛ්‍ය සම්පන්න දැහැත්විටක් හඳුන්වාදීම අද පොළොන්නරුව හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේදී සිදු කෙරුනි.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන මගින් සාදික්කා, වසාවාසි, කරාබු නැටි, කරඳමුංගු හා එනසාල් යොදාගනිමින් සකස් කළ මෙම සෞඛ්‍ය සම්පන්න දැහැත්විට හඳුන්වාදීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුඛ පිළිකා රෝගය මේ වනවිට දිවයින පුරා බහුලව වාර්තා වෙමින් තිබෙන රෝගයක් බවට පත්වී ඇති බවත්, සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයන් 4 දෙනෙකුවත් මුඛ පිළිකා නිසා මරණයට පත්වන අතර, ඊට ප්‍රධාන වශයෙන් බුලත්විට හා දුම්බීම හේතුවී තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එහිදී, බුලත්විට සඳහා භාවිත කරන පුවක්, හුණු සහ දුම්කොළ බරපතල පිළිකා කාරක සහිත බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී ඇති බව පැවසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා බුලත්විටට ඇතුළත් කරන එම ද්‍රව්‍ය මුඛ පිළිකාවට පමණක් නොව ගලනාලයේ පිළිකා හා අමාශයේ පිළිකාවලට බලපාන බවද හෙළිදරව් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංය පවසයි.
බුලත්විට සඳහා පුරාණ ලංකාවේ දුම්කොළ, හුණු සහ පුවක් භාවිත කර නොමැති බවත්, ලන්දේසි ආක්‍රමණයෙන් පසු ඒවා භාවිත කිරීමට හුරුවී ඇති බවත් පැවසෙයි. පුරාණ ලංකාවේ බුලත්විට සඳහා භාවිත කර ඇත්තේ සාදික්කා, වසාවාසි, කරාබු නැටි, කරඳමුංගු හා එනසාල් යන ඖෂධීය ගුණයෙන් අනූන කුළුබඩු වර්ග බවත්, මේවා මුඛ දුර්ගන්ධය ඉවත් කිරීමට මෙන්ම දත්මුල් දියවීම වළක්වා ගැනීම හා මුඛයේ සෞඛ්‍ය සම්පන්නභාවය සුරැකීම උදෙසා හේතු වන බව වෛද්‍ය විද්‍යානුකූලව සනාථ වී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශ පැවසූහ.
වර්තමානයේ ඇති බුලත්විට සැපීම නිසා බහුලවම වැළඳෙන්නේ ‘Sub Mucus Flbrosls’ නමැති පිළිකා විශේෂය බවත්, මුඛයේ ශ්ලේස්මළය ඝන වීම නිසා මෙම රෝගය වැළඳෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඡායාරූප - තුෂාර තෙන්නකොන්