කොළඹ - බෞද්ධාලෝක මාවතේ තුම්මුල්ල මංසන්ධියේ සිට ඩුප්ඩිකේෂන් පාර දක්වා වූ කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසයි.
මෙම මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් මෙසේ මාර්ගය තාවකාලිකව වසාදමා තිබේ.
ඒ නිසා, බම්බලපිටිය දෙසට ගමන් කරන බස් රථවලට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය අසළින් ලෝරිස් පාර හරහා ගමන් කළ හැකි බවත්, ගාලු පාරේ සිට තුම්මුල්ල දෙසට පැමිණෙන බස් රථවලට වජිර පාර ඔස්සේ ගමන් කළ හැකි බවත් පොලීසිය පවසයි. සෙසු වාහන රැජින පාර භාවිත කළ යුතු බවද පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.