බොරතෙල් බැරල් හා පිරිපහදු කරන ඛනිජ තෙල් බැරල් මිලියන 15 ක් මිලදී ගැනීමට දිගුකාලීන කොන්ත්‍රාත් සඳහා එළැඹීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සපුගස්කන්ද තෙල් පිරිපහසුවේ පිරිපහදු ක්‍රියාවලිය අඛණ්ඩව පැවැත්වාගෙන යෑමට බොරතෙල් බැරල් මිලියන 7ක් (7,000,000) මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාත්තුව බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 1.69ක් වූ ප්‍රීමියම් අගයකට M/s. Swiss Singapore Overseas Enterprises (Pvt) Ltd වෙත පිරි නැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසුගිය අප්‍රේල් මස 01 වැනිදා සිට මාස 8 කාලයක් මර්බන් බොරතෙල් (Murban Crude oil ) බැල් මිලියන 7ක් මේ හරහා මිලදී ගැනීමට නියමිතය.
එසේම 2018/03/ 15 දා සිට මාස 8 කාලයක් සඳහා අවශ්‍ය ඩීමල් බැරල් 4,650,000 ක්, ගුවන් යානා ඉන්ධන බැරල් 2,080,000ක් හා පෙට්‍රල් බැරල් 1,275,000ක් මිලදී ගැනීමට සැපයුම්කරුවන් සමග දිගුකාලීන කොන්ත්‍රාත් සඳහා පිවිසීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම කොන්ත්‍රාත් සඳහා පිවිසීම විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සිදු වෙයි.