පොල්පිතිගම, මාඑළිය, තම්බුව, වගා ළිඳකට වැටී සිටි වන අලියකු ඉන් ගොඩට ආපසු තම්බුව ගමට වැදී සිදු කළ පහරදීමකින් (54) හැවිදිරි තිදරු මවක් මරුමුවට පත්ව ඇත.
අද (23දා) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ළිඳට වැටුණු වන අලියා නැරඹීමට ගොස් නැවත නිවස බලා යමින් සිටි 54 හැවිරිදි අයිරාංගනී සිරියලතා නැමැති තිදරු මවකි.
වගා ළිඳට වැටී සිටි අලියා බැකෝ යන්ත්රයක ආධාරයෙන් ගොඩට ගෙන ඇති අතර ගොඩට ආපසු තම්බුව ගම හරහා ගමන් කරන අතරතුර දී අයිරාංගනී සිරියලතා මහත්මියට පහර දී ඇත.
පහරදීමෙන් සිරියලතා මහත්මියගේ උදරයට සහ පපු ප්රදේශයට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඇය පොල්පිතිගම රජයේ රෝහලෙහි හදිසි ප්රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.