පිරිමින් සඳහා විශේෂ Play Boy සඟරාවේ ජායාරූප සැසියක් හරහා බුදුන්වහන්සේට නිගරු කළ බවට චෝදනා එල්ල වී තිබෙන ජර්මන් ජාතික නිරූපිකාවක් වන නාසියා ජැන්සෙන් එම ඡායාරූප සැසිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.
ඇය ට්ව්ටර් පණිවුඩයක් මගින් කියන්නේ තමන් බුදුන්වහන්සේට ගරු කරන බවත්, තමන්ට ඡායාරූප සැසියට පෙනීසිටින්නට පවසන ස්ථානයේදී ඒ සඳහා පෙනීසිටිය යුතු බවත්ය.
කෙසේ වෙතත් ඒ පිළිබඳව සමාව ඉල්ලන බවත්, එය තමන්ට නරක හැගීමක් දනවන බවත්, එහෙයින් ඡායාරූප ඉවත්කළ බවත් නාසියා සිය ට්ව්ටර් පණිවුඩයෙන් තව දුරටත් කියයි.