දිනක කාලයක් තුළ කරනු ලැබූ මෙහෙයුම්වලදී බීමතින් රිය පැදවූ රියදුරන් 114ට එරෙහිව නඩු පැවැරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ඊයේ (26දා) පෙ.ව. 6.00 සිට අද (27දා) පෙ.ව. 6.00 දක්වා වූ කාලයේදී මෙම නඩු පැවැරීම සිදුකර තිබේ. එසේම පසුගිය 23දා සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට කළ මෙහෙයුම්වලදී රියදුරන් 420 කට එරෙහිව නඩු පවරා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.