ශ්රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද (31දා) දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් හෝ උතුරු පළාත් සභා මන්ත්රීවරු හමුවී සාකච්ඡා කිරීම ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
ජගත් සංවිධාන මහ ලේකම්වරයා අනිද්දා (02දා) යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතත්, එහිදී ඔහු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට සූදානම්ව සිටියත්, මහ ඇමතිවරයා හෝ පළාත් සභා මන්ත්රීවරුන් හමුවීමට කාල වේලාවක් ලබාදී නොමැති බවද පැවසෙයි.