ජනාධිපතිවරයාගේ රුව සහිත අතිවිශාල කටවුට් සහ බැනර් කොළඹ නගර සීමාවේ මාර්ග දෙපස සවිකිරීම සඳහා නගර සභාවෙන් අවසරයක් ඉල්ලා ඇත්දැයි තමා නොදන්නා බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.
සාමාන්‍ය‘යෙන් එවැනි අවසර ඉල්ලීමක් සිදුකළහොත් ඒ සඳහා නගර සභාව අවසර නොදුන්නද, පරිසර පොලිස් ඒකකය අවසර ලබාදෙන අවස්ථා තිබෙන බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත කටවුට් සවිකිරීමට නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවසර ලබාදී ඇත්දැයි තමා නොදන්නා බවත්, ඒ පිළිබඳව තමා දැනුවත් කර නැතැයිද මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.
නාගරික බල ප්‍ර‘දේශයේ එවැනි කටවුට් හෝ බැනර් සවිකිරීමේදී නගර සභාවට අයවිය යුතු මුදල් ලබාගන්නේ දැන්වීම් අංශයෙන් වුවද, මේ දක්වා එවැනි මුදලක් ලබාදී ඇතැයි එම අංශයෙන්ද තමා දැනුවත් නොකළ බවද නගරාධිපතිවරයා කියා සිටියේය.
සමහර අවස්ථාවලදී තමාගෙන් නොවිමසා නාගරික කොමසාරිස්වරිය කටවුට් සවිකිරීමට අවසර ලබාදෙන අවස්ථා තිබෙන බවද ඔහු පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නාගරික බල ප්‍ර‘දේශයේ කටවුට් සවිකිරීමේදී නගර සභාවෙන් අවසර ගැනීමක් සිදුකළ යුතු බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය නගරාධිපති යූ.එල්. ටයිටස් පෙරේරා මහතා සඳහන් කළේ, නගර සභාවට නොදන්වා පොලීසිය මැදිහත් කරගෙන යම් පිරිසක් විසින් මෙම කටවුට් සවිකර තිබූ බවයි.
වහාම එම කටවුට් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි නාගරික කොමසාරිස්වරියට නියෝග කළද මේ දක්වා ඇය ක්‍රියාත්මක වී නැතැයිද පෙරේරා මහතා පැවසීය.
නගර සභා සීමාවේ දැන්වීම් පුවරු හෝ කටවුට් සවි කරන්නේ නම් දැන්වීම් අංශයේ කමිටුව හරහා එම කටයුතු සිදුවිය යුතු බවත්, ඒ සඳහා නගර සභාවට ගාස්තුවක් අයවිය යුතු බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පොලීසිය සහ නගර සභාවේ සේවකයන් යොදවා කටවුට් ඉවත් කිරීමට නාගරික කොමසාරිස්වරියට බලය තියෙන බවයි.
අනෙකුත් දේශපාලන පක්ෂද මෙය ආදර්ශයට ගෙන කටවුට් සවි කළහොත් නගර සභා බල ප්‍ර‘දේශයේ දැවැන්ත පරිසර හානියක් සිදුවිය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
මේ පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය
“තාම ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවලා නැහැ. ඒ නිසා අපි ඒ සඳහා අවසර දීලා තියෙන්නෙ. නගර සභාවේ විපක්ෂනායකතුමා ඉල්ලීමක් කරලා තිබුණා ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුභපැතුම් කටවුට් ගහන්න අවසර දෙන්න කියලා. ඒවගේ දේවලට අපි සල්ලි අයකරන්නේ නෑ.
විශේෂයෙන්ම නගරයේ සංවර්ධනයට පසුගිය කාලේ ජනාධිපතිතුමා විශාල වශයෙන් මුදල් වියදම් කරලා තිබෙනවා. ඒ නිසා එතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ගොඩක් අය සුභපැතුම් කරලා තිබෙනවා. ඒ නිසා පාලනයක් ඇතුව ඒවා සවිකරන්න අපි ඉඩදුන්නා. ඒකෙ ප්‍රශ්නයක් නැහැ.
වාණිජමය කටවුට්වලට පමණයි අපි සල්ලි ගන්නේ. තාම ජනාධිපතිවරණයට නාමයෝජනා දීලා නැහැ. ඒ නිසා තාම මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ නිසා කවුරු හරි ජනාධිපතිතුමාට සුභපතලා කටවුට් ගහන්න ඉල්ලුවොත් අපි අවසර දෙනවා* යැයි පැවසුවාය.