සියලුම බහුදින යාත්‍රා තුළ අපද්‍රව්‍ය බහාලුම් කවර ගෙනියාම අනිවාර්ය කරන බව වැඩබලන ධීවර අමාත්‍ය දීලීප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේය. අද (17දා) ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී පැවති කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
බහුදින යාත්‍රා 5000 ක් පමණ දිනකට මුහුදට යන අතර මේ සියල්ල තුළම ගෙනයන අපද්‍රව්‍ය මුහුදට විසිකිරීමෙන් සාගරය මෙන්ම වෙරළද අපවිත්‍රවන බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඡයාරූප -ශමීර රාජපක්ෂ