බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමට හෝ ඉන් පසුව පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
බස් සංගම් පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුවද 20%කින් ඉහළ දැමිය යුතු බවත් අවම ගාස්තුව රුපියල් 15ක් බවට පත්කළ යුතු බවත්ය. එසේ නොමැතිනම් එළැඹෙන 16 දා සිට වර්ජනයක් ක්‍රියාත්මක කරන බව බස් සංගම් මේ වන විටත් පවසා ඇත.