බන්ධනාගාර නිලධාරීන් විසින් අද (07දා) දිනයේදී සිදුකළ වැඩ වර්ජනය අවසන් කොට හෙට (08දා) සිට නියමිත පරිදි යළි රාජකාරියට වාර්තා කිරීමට සවස පැවැති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මහතා ඇතුළු ඉහළ නිලධාරීන් සහ වෘත්තීය ක්රියාමාර්ගයට සම්බන්ධ නියාමකයන් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී බන්ධනාගාර නියාමකයන් හා නිලධාරීන් උසාවි ආරක්ෂණ සහ දෛනික රාජකාරිවලදී මුහුණදෙන ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවට කොමසාරිස් ජනරාල්වරයා පොරොන්දු වී තිබේ.