රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
දීරඝකාලයක් තිස්සේ හම්බන්තොට .තිස්සමහාරාම හා කිරින්ද ප්‍රදේශයන්හි තරුණයින් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු හම්බන්තොට සිට බුන්දල හරහා කිරින්ද දක්වා ධාවනයවන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු හා රියදුරෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට සුරාබදු නිලධාරීහු අද [02]පෙරවරුවේ සමත්වූහ.
හම්බන්තොට සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක අජිත් පුෂ්පකුමාර මහතා වෙත ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවාගනිමින් හම්බන්තොට බූන්දල හා කිරින්ද මාර්ගයේ මෙම වැටලීම සිදුකර ඇත .පෞද්ගලික බස් රථයක රියදුරු මහතෙකු හා කොන්දොස්තරවරයෙකු එක්ව දීරඝකාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් තිබු අතර බස් රථය නවත්වා මත්කුඩු අලෙවිකරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු මෙහිදී සමත් වූහ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 23 හා 28 යන වයස්වල පසුවන පල්ලෙමලල හා තිස්සමහාරාම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව නිලධාරීහු පවසති.සැකකරුවන් හා බස් රථය සොදිසිකිරීමෙදී ඔවුන් සන්තකයේ තිබී විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 300ක් ද සොයාගැනීමට නිලධාරීහු සමත්වූහ.