බදු බර වැඩි කරමින් සහ භාණ්ඩ මිල ඉහළ දමමින් ආණ්ඩුව සිදු කරන ක්‍රියාකලාපයට එරෙහිව මේ මස 22 වැනිදා සිට ආණ්ඩුවට පිළිතුරු ලබාදෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
සතපහක මුදලක් නොඋපයන ආණ්ඩුව ජනතාව මත බදු බර පටවා සහ භාණ්ඩ මිල ඉහළ දමමින් ජනතාවගේ මුදල් කොල්ලකා ගැනීමක් සිදු කරන බවද එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම ක්‍රියාව පරාජය කළ හැක්කේ පොදු ජන සටනකින් බවත්, මේ අනුව 22 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
රැලියට සමගාමීව දැවන්ත පාගමනක් හා වෙනත් ක්‍රියාමාර්ග රාශියක් සිදු කරන බවත්, අනෙකුත් ක්‍රියාමාර්ග එදිනෙන් පසු සිදු කරන බවත් ඒ මහතා පැවසීය.