කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ මහනුවර දුම්රිය පොලට ළඟා වීමෙන් අනතුරුව,වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බදුල්ල දක්වා ගමන් නොකරන බවට දැනුම් දීමත් සමග දුම්රිය මගින් දැඩි නොසන්සුන්තාවයට පත්වේ.
මගීන්ක කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් දුම්රිය මගින් පාලනය කිරීම සඳහා පොලීසියට මැදිහත් වීමට සිදුව තිබේ
කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වු මෙම බදුල්ල තැපැල් දුම්රිය ඊයේ(12දා) රාත්‍රී 11 .45 ට මහනුවර දුම්රිය ස්ථානයට ලඟා වී ඇති අතර එම අවස්ථාව වන විට එම දුම්රියේ දෙස්-විදෙස් මගීන් 700 ක් පමණ සිටි බව පොලිසිය පවසයි.
දැඩි අපහසුතාවයට පත්වූ දුම්රියේ සිටි මගීන් ගෙන් වැඩි පිරිසක් පුද්ගලික වාහන යොදාගෙන තම ගමනාන්තය දක්වා යාමට පියවර ගෙන තිබූ අතර ඉන් මගීන් 400 පමණ ප්‍රමාණයක් පොලිසිය මැදිහත්ව පුද්ගලික සහ ලංගම බස් යොදා ඔවුන්ගේ ගමනාන්ත දක්වා පිටත් කර හැරීමට කටයුතු යොදා තිබුණි .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ.රත්නායක මහතාගේ උපදෙස් පරිදි වැඩ බලන මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමනසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් දුම්රිය මගීන් සඳහා සහන සැලසීමට යොදා තිබුණි.
ෂේන් සෙනෙවිරත්න