පෙබරවාරි මස මුදල් ප්‍රතිපත්ති විවරණයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 6.50% සහ 8% ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.
එය පසුගිය දෙසැම්බර් මාසයේදී 6.50% ක් හා 8.50% ක් ලෙස පැවති අතර, 2014 ජනවාරි මාසයේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50% ක් ලෙස නොවෙනස්ව පවත්වමින්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% දක්වා අඩු කරනු ලැබීය.
2014 පෙබරවාරි 13 වැනි දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සුදුසු බව මුදල් මණ්ඩලය තීරණය කරමින්, පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගැනීමට තීරණය කළ බවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17දා) නිවේදනය කරන ලදී.