පුද්ගලයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධව වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විසින් මරණ දඩුවම නියම කර තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි.
මීට හේතුව වී ඇත්තේ ගොන්නොරුව කටැන්වැව ප්‍රදේශයේ දී 2003 වර්ශයේ අප්‍රේල් 14 වන අලුත් අවුරුදු දා 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී දී ඝාතනය කිරිමයි.
මෙම හේතුවට සැක පිට පුද්ගලයින් 21 දෙනෙකු හම්බන්තොට පොලීසිය මඟින් අත්තඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් චූදිතයින් 6 දෙනෙකු ඝාතනයට වැරදිකරුවන් බව අනාවරණය වූ බව හම්බන්තොට පොලීසිය පවසයි .
මෙම හේතුව මත පුද්ගලයින් 6 දෙනෙකුට අවසාන වශයෙන් හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම ලබා දුන් බව හම්බන්තොට පොලීසිය කියයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ