බේරුවල අයි.ඕ.සී ඉන්ධන හලේ රාජකාරි කටයුතුවලට බාධා වන ලෙස ගාල් කර දමාගොස් තිබූ අයිතිකරුවන් නොහඳුනන යතුරුපැදි දහයක් අද(23දා) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
රුපියල් ලක්ෂ 85 කට වැඩි වටිනාකමකින් යුතු මෙම යතුරුපැදි වල අයිතිකරුවන් හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
ඉන්ධනහල් කළමනාකරු බේරුවල පොලිසියට කළ පැමිණිල්ල මත අනන්‍යතාවය නොමැතිමෙම යතුරු පැදි අත්අඩංගුවට ගෙන බේරුවල පොලිස් භාරයේ තිබෙන බවත් මෙම යතුරු පැදි වල හිමිකරුවන් අනන්‍යතාවය තහවුරු කළ හැකි ලිපි ලේඛන සමග බේරුවල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජවසම් මහතා හමුවෙන ලෙස බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාරමහතා පැවසීය .
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා