මේ දිනවල සිදුවන දුම්රිය ප්‍රමාදයන් හේතුවෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත සිට දුම්රියෙන් පැමිණෙන නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී සහන කාලයක් ලබාදි තිබේ.
ඒ අනුව එම සේවකයන්ට පැමිණීම සඳහා පැය භාගයක සහ පිටවීම සඳහා පැය කාලක සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් රාජකාරියට බාධාවක් නොවන පරිදි අදාළ සහන කාලය ලබා දී ඇති අතර මෙම සහන කාලය ලබාගන්නා නිලධාරීන් දිවා ආහාරය ලබාගන්නා වේලාව තුළ අදාළ රාජකාරී හැකිතාක් දුරට ආවරණය කරගැනීමට කටයුතු කළ යුතු වෙයි.