ලෝකයේ ප්රමුඛ පෙළේ කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ඔස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් චැනල් ෆෝ නාළිකාවේ අධ්‍යක්ෂකවරයෙකු වන කැලම් මැක්රේ විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවට සුබවාදී අයුරින් සකස් කළ No Fire Zone චිත්‍රපටය නරඹන බවට පොරොන්දු වී තිබෙන බව විදෙස්හි සිට ක්‍රියාත්මක වන දෙමළ මාධ්‍ය වාර්තා කරයි.
පර්ත්හි පැවැති පැකර්ගේ වාර්ශික ව්‍යාපාරික සමුළුවේදී ඔහු මෙම පොරොන්දුව ලබා දී ඇති බව ටැමිල් ගාඩියන් පුවත් සේවය කියයි.
No Fire Zone වාර්තා වැඩසටහන වාර්ශිකව ඇමෙරිකාවේ පැවැත්වෙන එමී සම්මාන උලෙළේ හොඳම වාර්තා වැඩසටහන් හතර තුළට එක්කර තිබේ.