ප්රෙට්රල් සඳහා මාස හයකට වරක් වෙනස් වන විනිවිද බවින් යුතු මිල සුත්‍රයක් හදුන්වාදීමට කටයුතු කරන බවත් ලබන ඔක්තෝබර් මස වන විට රටේ සියලුම දෙනාට විදුලිය ලබාදීමට හැකිවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
"මේ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ සංවර්ධන කටයුතු සඳහා පමණක් රුපියල් බිලියන 31 ක මුදලක් අවශ්යලව තිබෙනවා. විදුලියන වැඩපිළිවෙල සඳහා බිලියන 13 ක් අවශ්‍ය වෙනවා. ඒ සියල්ල සිදුකරනු ලබන්නේ විදුලිබල මණ්ඩලයේ මුදල් වලින්. රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් නොලබා පළමු මාස 06 තුළ ස්වාධීනව විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.
යුරෝපීය සම්මත වලට සමානව දකුණු ආසියාවේ ඉන්ධන ලබාදෙන එකම රට ශ්‍රී ලංකාවයි. ඉන්ධන බෙදුම්හල් 1300 ක් මේ වන විට ගුණාත්මක අතින් ඉන්ධන ලබාදීම සිදුකරනවා. ඉදිරියේදී ප්රෙට්රල් සඳහා හය මසින් හය මසට වෙනස් වන විනිවිද බවින් යුතු මිල සුත්‍රයක් ඇති කිරීමට කටයුතු කරනවා. යැයි අද (03) මහනුවර දී පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේබව පැවසීය