ඌව පළාත තුළ ප්රජාතන්ත්රවාදී පක්ෂයට ප්රචාරක කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා එම ප්රදේශවල නිලධාරීන්ට අද දහවල් දුරකථනයෙන් අමතා දන්වා තිබේ.
විශේෂයෙන් ප්රාදේශීය සභා, නගර සභා වලින් රැස්වීම් පැවැත්වීමට ඉඩ ලබානොදෙන බවට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කළ පසු මෙසේ කටයුතු කර තිබුණි.