ප්රංශයේ පැරිස් නගරයට එල්ල වූ IS ඉස්ලාම් රාජ්ය ත්රස්තවාදී ප්රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන අබ්දෙල්හමීඩ් අබාවුඩ් බදාදා සෙන්ට් ඩෙනිස් හිදී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
බෙල්ජියම් ජාතිකත්වයක් ඇති 27 හැවිරිදි අබ්දෙල්හමීඩ් ඔහුගේ ඇඟිලි සලකුණුවලින් හඳුනාගෙන තිබේ.
සිකුරාදා පැරීසියට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පුද්ගලයන් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.