අද (27දා) දිනයේදිත් ගුරු විදුහල්පති වැඩ වර්ජනය අති සාර්ථකව සිදුවන බවත්, සමස්ත පාසල්වලින් 98% ක්ම වැසීගොස් තිබෙන බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
ඊයේ (26දා) දිනයේදී සමස්ත පාසල්වලින් 95%ක් වැසී ගොස් තිබූ බවත්, එහෙත් අද දිනයේදී එම තත්ත්වය ඉහළ ගොස් තිබෙන බව එම සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
වැටුප් ගැටලු උසස්වීම් ගැටලු මූලික කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදුකරන බවත්, අදාළ ගැටලු විසඳීම වෙනුවට අධ්‍යාපන අමාත්‍යංශය කුඩා ළමුන්ගේ ලියුමක් සේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න මගහැර ගොස් තිබෙන බවත් පවසා සිටියේය.
දෙදින වැඩ වර්ජනය අද අවසන් වන නිසා සාමාන්‍ය පරිදි පාසල් 30 වන දින ආරම්භ කරන බවද කියා සිටියේය.