පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කදිනල් හිමිපාණන් ඉල්ලූ පරිදි ජනාධිපති කොමිෂමක් පත්කරන බවත් ඒ හරහා සියලු වැරදිකරුවන් සොයා ගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ජන රැළි කිහිපයකදී ඔහු මෙම අදහස් දැක්වීය.
කිරිබත්ගොඩ
“ගම්පහ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම අපි ඩොලර් බිලියන 10 දක්වා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරනවා.
දැනට එන සංචාරකයන් මිලියන 7 දක්වා ගෙන ඒමේ සැලසුම් තිබෙනවා.
ගුවන් තොටුපොළ ආශ්‍රිතව තිබෙන ව්‍යාපාර වර්ධනය කරන්නට ක්‍රියා කරනවා.”
රාගම
“නැවතත් බොම්බ පුපුරන්න පටන් ගත්තා. බෝම්බ ගහන්නේ කවුද? කොතනද? මොන වෙලාවෙද? දුරකතන අංක මොනවද?
මේ සියල්ල රජයට ලබා දී තිබුණත් ඒක නවත්වන්න බැරිවුණා. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්රමුඛත්වයක් ලබාදුන්නේ නෑ.
නමුත් අපේ රජය යටතේ බුද්ධි අංශ ක්‍රියාත්මක කරලා. නැවතත් සුරක්ෂිත රටක් ලබාදෙනවා.”
මීගමුව
“අපි පොරොන්දු වෙනවා කඩා බිද දැමුණු ආරක්ෂාව ගොඩනගලා සුරක්ෂිත රටක් කරනවා.
කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ හිසඔසවන්න ඉඩ දෙන්නේ නෑ.
කාඩිනල් හිමිපාණන් ඉල්ලා සිටින ජනාධිපති කොමිෂමක් පත්කරලා වග කිව යුතු සියලු පුද්ගලයන් සෙයා ගන්නවා.”