හෙද සිසුවියන්ට වින්නඹු (සූතිකා) පුහුණුව ලබාදීමට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (03දා ) සිට තාවකාලිකව නතර කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
ඒ අනුව හෙට දිනයේදී දිවයින පුරා සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් ක්ෂේත්‍ර රාජකාරීවලටද, රෝහල් කටයුතු වලටද වාර්තා කිරීමට නියමිත බව එම සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.
සූතිකා පුහුණුවට අදාළව විශේෂ විද්වත් කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වීම නිසා මෙම තීරණයට එළඹි බවද ඇය පැවසුවාය.