අපරාධ මැඩ පැවැත්වීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකරන මෙහෙයුමවලට අදාළව අද උදෑසන අවසන් වූ පැය 24 තුළ අපරාධ කල්ලි සාමාජිකයන් 8ක් අත්අඩංගුවට ගත් බව පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මෙම සැකකරුවන් 8 දෙනාගෙන් හය දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් බවත් ඉතිරි සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සකකරුවන්
- මතුගම සැකකරුවන් 2ක්
- හංවැල්ල සැකකරුවන් 3ක්
- රත්මලාන එක් සැකකරුවෙක්
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය
රඹුක්කනදී හෙරොයින් කිලෝ 1.5ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක්