කොළඹ නෙළුම් කුලුන නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර ඇතැයි නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්රධාන පාරිපාලන නිලධාරී විශ්රාමික මේජර් ජෙනරල් ප්රසාද් සමරසිංහ මහතා පැවසීය.
මේ අනුව හෙට සිට (20) සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්රී 10.00 දක්වාත් සති අන්තයේ උදෑසන 10.00 සිට උරාත්රී 11.00 දක්වාත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතය.
පැමිණෙන්නන් වෙනුවෙන් ප්රවේශපත් නිකුත් කිරීම නැරඹීමේ කාලය අවසන්වීමට පැයකට පෙර නවත්වන අතර එය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බැවින් රුපියල් 2,000 ප්රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා තිබේ.
වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ප්රවේශ පත්රයක මිල රුපියල් 200ක් වන අතර, විදේශිකයන්ගෙන් ප්රවේශපත්ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් අය කෙරෙයි.