ගතවූ සතිඅන්ත නිවාඩුවට දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ හයකට ආසන්න පිරිසක් නුවරඑළියට පැමිණි බව නුවරඑළිය පුරපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරපතිවරයා මෙසේද පැවසීය. "මෙම සංචාරකයන් පිරිස නුවරඑළියේ වසන්ත උදානයට පැමිණෙන සංචාරකයන්ට වඩා වැඩි පිරිසක්.මොවුන් නුවරඑළිය සඳතැන්න පාරිසරික කලාපය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සුන්දර ස්ථානවල සංචාරය කර තිබෙනවා. එම සංචාරකයන්ට නගර සභාව විසින් උපරිම දායකත්වයක් ලබාදුන්නා.
මෙම සංචාරක පිරිසට ප්‍රමාණවත් හෝටල් පහසුකම් සහ ලැගුම්හල් නොතිබූ නිසා ඔවුන් නුවරඑළිය නගරයට ආසන්නයේ තිබෙන ප්‍රධාන නගරවල නවාතැන් ගෙන නුවරඑළියට පැමිණීම විශේෂත්වයක්"
නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ