බුත්තල පොලිස් වසමට අයත් වගුරුවෙල වැවේයාය ප්රදේශයේ පදිංචි යුදහමුදා සෙබලෙකු අතුරුදහන්වී ඇතැයි සෙබලාගේ පියා විසින් බුත්තල පොලීසියට පැමිණිලිකර ඇත.
14 වන සිංහ රෙජිමේන්තුවට අයත් ඔඩ්ඩුසුඩාන් යුදහමුදා කඳවුරට අනුයුක්තව සේවයකරන පාරේගෙදර උමේෂ් දිල්හාර (සෙබල අංක 587316) යන අය නිවාඩුවට පැමිණ ඉකුත් 21 වෙනිදා කඳවුරට යන බව පවසා නිවසෙන් පිටවගොස් ඇත.
ඔහු සේවයට වාර්තා කර නොමැති බව යුදහමුදා කඳවුර මඟින් දෙමව්පියන්ට දැනුම්දීමෙන් පසු පියා විසින් තම පුතා අතුරුදහන්වී ඇති බවට මෙලෙස පැමිණිලිකර ඇත. බුත්තල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක