නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු වී ඇති බව පැවසෙන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතාට නියෝග කොට තිබේ.
මීට පෙර ශ්‍රීපාද විද්‍යාපීඨයේ මෙවැනිම ආකාරයේ නවක වද සිද්ධියක් වාර්තා වූ බවත්, ඊට සම්බන්ධ වූ සිසුන් අට දෙනෙකුගේ පන්ති තහනමක් සිදුකළ බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිල්වලා විද්‍යාපීඨයේ ඇති වූ සිද්ධිය පිළිබඳ සොයා බලා ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.