(PHOTOS) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (24දා) පැවැති සාකච්ඡාවක් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කිරීමට එහි නිලධාරියෙකු කටයුතු කිරීම සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියට මාධ්‍යයෙන් සමාව ගැනීමට සිදුවිය.
සිවු අවුරුදු සමසෞඛ්‍ය උපාධියට අදාළව පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න ඇතුළු පිරිසක් සහභාගී වූ මෙම සාකච්ඡාව ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට මෙසේ බාධා එල්ල විය.
මෙම සාකච්ඡාව ආවරණය සඳහා නිල ආරාධනාවක් ලැබී තිබියදී මාධ්‍යවේදීන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළුවීමට ඉඩලබා නොදුන් හෙයින් අදාළ නිලධාරියාද අවසානයේදී ප්‍රසිද්ධියේ සමාව ගත්තේය.
මෙහිදි පැවැති සාකච්ඡාවේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකළේ වසරකින් කප්පාදු කරන ලද සමසෞඛ්‍යය උපාධි පාඨමාලාව වසර හතරක් දක්වා වැඩි කිරිමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවද රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ කටයුතු හේතුවෙන් එය ක්‍රියාත්මක කිරිම අපහසු වී ඇති බවයි.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ