බම්බලපිටිය වජිර පාරේ රූපලාවණ්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේට සිය රූපලාවණ්‍ය සායනාගාරය යළි විවෘත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා අද (03) අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ.
ඔහුගේ සායනයෙන් ප්‍රතිකාර ලබා ගත් බොරුල්ලේ ළමා රෝහලේ වෛද්‍යවරියක මිය යෑමේ සිද්ධියෙන් පසු ඔහුගේ සායනයට අධිකරණය විසින් සීල් තැබීමට කටයුතු කර තිබුනි.