ස්මාට්ෆෝන්, ටැබ්ලට් හා ඉ-රීඩර් සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන 'නින්දට යෑමේ ක්‍රමවේදයක්' (bedtime mode) පැවතීමෙන් පරිශීලකයන්ගේ නින්දට සිදුවන බාධාව වළක්වා ගත හැකි බව බ්‍රිතාන්‍ය මහාචාර්යවරයෙකු පවසයි.
මෙවැනි උපකරණ පරිහරණය කරන්නන්ගේ සාමාන්‍ය නින්දට යෑමේ ශරීර වේලාව කල්දමමින්, ඔවුන් බොහෝ රෑ බෝ වනතුරු අවදි කර තබන, මෙම ස්මාට් උපකරණවල තිරයෙන් නිකුත් වන නිල් පැහැ දීප්තිමත් ආලෝකය පෙරමින් (filter out) ක්‍රියාකරන bedtime mode එකක අවශ්‍යතාව මෙහිදී මහාචාර්යවරයා පෙන්වා දී තිබේ.
ලන්ඩනයේ ඊව්ලීනා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසද කටයුතු කරන මහාචාර්ය පෝල් ග්රින්ග්රාස් පෙන්වා දෙන්නේ, මේ වනවිට වෙළෙඳ පොළට පැමිණෙන සෑම ආකාරයකම පාහේ ස්මාට් උපකරණවල තිර, නිල් පැහැති හා දීප්තිමත් ආලෝකයකින් යුතු වන බවයි.
ඒ අනුව, මෙම තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කරන්නන් තම පාරිභෝගිකයන් පිළිබඳ සැලකිලිමත් වෙමින්, මීට වඩා වගකීමෙන් තම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කළ යුතු බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අඳුර ගලා එනවිට සත්ව ශරීරයේ නින්ද ඇති කරන මෙලටෝනින් හෝමෝනය නිෂ්පාදනය කෙරෙන බවත්, වර්ණාවලියේ වූ නිල්-කොළ ආදී වර්ණවල ඇතැම් ආලෝක තරංග ආයාමයන් හේතුවෙන් මෙම ස්වභාවික ක්‍රියාවලියට බාධා ඇතිවිය හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.