මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ විදේශ රටවලට පැවැරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නාමල් රාජපක්ෂ හා ඩී.වී. චානක හෙට දිනයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
හම්බන්තොට පොලීසිය විසින් හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව අධිකරණ බල සීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ කිරීම, ඉන්දීය තානාපති කාර්යාල, මාගම්පුර වරාය හා ප්රවිශ්ඨ මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණ කිරීමද කිසිඳු දේපළකට අලාභ හානි සිදුකිරීමද මෙම නියෝගය මගින් වළකා තිබේ.