ශ්‍රී ලංකාවට අලුතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු 14 දෙනෙක් අද (03දා) කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
1. මොලොන්ඩි සොලමන් ඩ්ලාමිනි මහතා එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්
2. බෙල්ජියම රාජධානියේ තානාපති ෆ්රැන්කොයිස් ඩෙල්හයි මහතා
3. මැකරිමි අබිස්සෝලා අඩචුබු මහතා, බෙනින් ජනරජයේ තානාපති
4. කාලෝස් ජෝස් ද පින්හෝ ඊ මෙලෝ පෙරෙයිරා මාක්ස්, පෘතුගීසි ජනරජයේ තානාපති
5. මුහම්මද් සෙන්කික් මහතා, බොස්නියා සහ හර්සගොවිනා තානාපති
6. අහමඩ් යූසිෆ් මොහොමඩ් එල්සිඩිග් මහතා, සුඩාන් ජනරජයේ තානාපති
7. ගිනියා ජනරජයේ තානාපති ෆටූමාටා බෝල්ඩේ මහත්මිය
8. නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් ගේබ්‍රියෙල් පණ්ඩුරේනි සිනිම්බෝ මහතා
9. හෙලනික් ජනරජයේ තානාපති ඩයොනිසියෝස් කයිවෙටෝස් මහතා (ග්‍රීසිය)
10. ජුවාන් රෝලන්ඩෝ ඇන්ගුලෝ මහතා, චිලී ජනරජයේ තානාපති
11. බල්ගේරියානු ජනරජයේ තානාපති එලේනෝරා ඩිමිට්‍රෝවා ඩිමිට්‍රෝවා මහත්මිය
12. බ්‍රෙන්ඩන් වෝඩ් මහතා, අයර්ලන්ත තානාපති
13. කොරොමොටෝ ගොඩෝයි කැල්ඩෙරොන් මහත්මිය, වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපති
14. ඉතියෝපියාවේ ෆෙඩරල් ප්රජාතන්ත්රවාදී ජනරජයේ තානාපති ටිසිටා මුලුගෙටා මහත්මිය.
මෙම නව රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරින් එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්වරයා ක්වාලාලම්පූර් නුවර සිටද, බෙනින් ජනරජයේ තානාපති ටෝකියෝ නුවර සිට ද, අනෙක් සියලු දෙනා නවදිල්ලියේ සිට ද රාජකාරී ඉටු කරනු ඇත.