කාම්බෝජයේ අන්ග්කෝර් වට්හි ඓතිහාසික බයොන් බෞද්ධ විහාර සංකීර්ණයේ තිබූ ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් නවසීලන්ත ජාතික සංචාරක කාන්තාවක් විසින් කඩා බිඳදමා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා වෙයි.
මෙසේ බුද්ධ ප්‍රතිමාව විනාශ කළ ඇය ක්ෂණිකව රටින් පිටව ගොස් ඇති අතර, ඇය නවසීලන්තයේ පදිංචිකාරියක වුවද නෙදර්ලන්තයේ ඉපදී ඇති අයෙකු බවටද හඳුනාගෙන තිබේ.
තමන්ට එම විහාරස්ථානය තුළදී යම් අමුතු හැඟීමක් ඇති වුණු බවත්, එය බෞද්ධයන්ට අයත් විහාරයක් නොව, එය ඉනන්නා දෙවඟනට අයත් දෙවොලක් බවත් නවසීලන්තයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඇය පවසා ඇත.
එහිදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ එම දෙවඟනට පෙනී සිටීම සඳහා එහි වූ කසල ඉවත් කිරීමේ අරමුණින් තමන් එසේ ප්‍රතිමාව කඩා දැමීමට ක්‍රියා කළ බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමට කාම්බෝජ පොලීසිය මෙහෙයුමක් දියත් කළත් ඇය ඒ වනවිටත් රටින් පළාගොස් ඇත.
12 වැනි සියවසට අයත් මෙම බුද්ධ ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කරමින් මෙසේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත්තේ වර්ෂ 1980දීය. කෙසේ වෙතත්, බුද්ධ ප්‍රතිමාව යළි සකස් කළ හැකිද යන්න සොයා බැලීමට බලධාරීන් විසින් ප්‍රතිමාවේ කොටස් එරට කෞතුකාගාරය වෙත දැනටමත් රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.