ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව නවසීලන්තයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 88 දෙනෙකු රැගෙන සිල්ක් එයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දින රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස නවසීලන්තයේ වෙලිංටන් නුවර සිට සිංගප්පූරුව වෙත පැමිණ , එතැන් සිට මෙම සිල්ක් එයා ගුවන් සේවයේ එම්.අයි.- 430 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින රාත්රී 7.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණි .